විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට ගිනි අවියක් තිබී සොයාගෙන තිබෙනවා.
විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට ඇති බුදු කුටිය අසල යම්කිසි දෙයක් දැක පාරේ යන අයෙකුට එය පෙන්වා ඒ සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය දැනුවත් කර තිබුණා
අනතුරුව පසුව පොලීසිය පැමිණ එය පරීක්ෂා කර ඇති අතර එහිදී එම ස්ථානයේ තිබී ගිනිඅවියක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම ගිනිඅවිය මීට සති කිහිපයකට පෙර විල්ගමුව පොලීසියේදී අතුරුදන් වූ ගිනිඅවිය බවට සැක පළ කරනවා.
මේ සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.