27 C
Colombo
Friday, May 10, 2024

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

- Advertisement -

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සැක කරන්නේ වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිත කර ඇති බවට හා විදේශගතව සිටින අයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...