නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා අපේක්ෂා කළද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, යූ ටියුබ් නාලිකාවක සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන හිතවතෙකු ලෙස ඔහුගේ තීරණ පිළිබඳ තමන්ටද යම් අවබෝධයක් ඇති බවත්, ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට ජනධිපතිවරයා කටයුතු කරනු ඇති බව තමන් අපේක්ෂා කරන බවත්, ඔහු පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මහමැතිවරණය කල් තියා පැවැත්වීමෙන් ජනාධිපතිවරයා විශේෂ දේශපාලන වාසියක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව තමා විශ්වාස කරන බවයි.