28 C
Colombo
Wednesday, May 22, 2024

කටුනායකට රත්තරන් සාප්පුවක්

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාප්පුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය පවසන්නේ ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය හඳුන්වාදීමේ යෝග්‍යතාවය සලකා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනා සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, දැනට බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ මෙම පහසුකම නොමැති බැවින් එහි පිටත්වීමේ කලාපයේ රත්තරන් සාප්පුවක් පිහිටුවීමට සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන්සේවා පෞද්ගලික සමාගම සැලසුම් කර තිබෙනවා.

මෙම රත්තරන් සාප්පුව ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මෙහෙයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීම පිණිස වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...