28.9 C
Colombo
Saturday, April 27, 2024

ඇමති ජොන්ස්ටන්ගේ පාසලේ ආදි සිසුන් පිරිසක් මධ්‍යම රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක

- Advertisement -

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විරෝධය පළ කරමින් පසුගිය දින කීපයේම අවස්ථා කිහිපයකදී කුරුණෑගල නගරයේ විටින් විට තරුණ පිරිස් විරෝධතාවල නිරත විය.

ඊයේ දිනයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිදුවූවායැයි කියන රැස්වීමකදී පළවූ අදහස් පිළිබඳව ඇමතිවරයා අධ්‍යාපනය ලැබූ පාසල වන කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ජේෂ්ඨ ආදි සිසුන් පිරිසකගේ විශේෂ අවධානය යොමු වී ඇත.

මෙම විරෝධතා සඳහා සම්බන්ධ වී සිටින තරුණ පිරිස අතරින් බහුතරයක් දෙනා සාන්ත ආනා විදුහලේ ආදි සිසුන් බවත් ඉදිරියේදී විදුහලේම ආදි සිසුන් දෙපිරිසක් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය හැකි බව මොවුන්ගේ විශේෂ අවධානයට යොමු වී ඇත.

එබැවින් කුරුණෑගල පදවියේ රදගුරු හිමිපාණන් සහ ශාන්ත ආනා විද්‍යාලයේ විදුහල්පති පියතුමන් සමග සාකච්ඡා කිරීමටත් මේ පිළිබඳව යම් මැදිහත්වීමක් සිදු කරන ලෙසට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද මෙම සාකච්ඡාවේදී ජේෂ්ඨ ආදි සිසුන් තීරණය කර ඇත.

ඔවුන්ගේ මෙම සාකච්ඡාවේදී බරපතළ අවධානයට ලක්ව ඇති කරුණක් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන්නේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයායි.

මෙම තත්ත්වය වසර 155 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන සාන්ත ආනා විදුහලේ කීර්තිනාමයට බරපතළ අපකීර්තියක් මෙන්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි බැවින් වහාම මේ සඳහා ගත හැකි සුදුසුම පියවර ගත යුතු බවටද තීරණය වී ඇත.

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...