25 C
Colombo
Wednesday, May 1, 2024

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

- Advertisement -

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිත බවත් අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බවට වාර්තා වුණා.

මේ අතර මියන්මාර අත්අඩංගුවේ සිට පොදු සමාව හිමි වූ ලාංකික ධීවරයින් 15 දෙනා මේ මාසය තුළ දිවයිනට එවීමට හැකි බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසනවා.

එරට පොදු සමා දිනයට සමගාමීව ඔවුන්ට පොදු සමාව හිමි වු අතර ඔවුන් මීගමුව ප්‍රදේශයෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක්.

නීති විරෝධී මසුන් ඇල්ලීම සහ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මියන්මාර් මුහුදු තීරයට ඇතුළ් වීම යන චෝදනා එල්ල වී නඩු අසා වැරදිකරුවන් වී අවුරුදු 7ක බර වැඩ සහිත සිර දඬුවමක් ඔවුන්ට නියම වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දිනය අදයි

කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) සමරනු ලබනවා. 1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය...

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...