31 C
Colombo
Wednesday, March 29, 2023

ඇත්ත කියන මන්ත්‍රීවරු හෙළිකරන්නැයි ඓතිහාසික නියෝගයක්

- Advertisement -

වත්කම් බැරකම් පනතට වඩා තොරතුරු පනත බලවත් බව ප්‍රකාශ කරමින් වත්කම් බැරකම් ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලබාදෙන්නැයි තොරතුරු දැනගැනීමේ කොමිසම පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියාට නියෝග කර තිබේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාව මෙම නියෝගය කර ඇත්තේ අද පුවත්පතේ ජනමාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් ගොනුකරන ලද අභියාචනයක තීන්දුව ලබා දෙමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ 2010 වසරේ සිට 2018 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මුදා හරින්නට පාර්ලිමේන්තුවට සිදුවනු ඇත.

මෙම තීන්දුවේ විශේෂත්වයක් වන්නේ වසර දෙකකට අධික කාලයක් තිස්සේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී මෙම අභියාචනයට අදාලව දීර්ඝ විභාගයක් පැවැත්වීමත් එම දීර්ඝ විභාගයේ දී පාර්ලිමේන්තුව සහ අභියාචනය යොමු කරන ලද මාධ්‍යවේදියා වෙනුවෙන් දින ගණනාවක් පුරා කරුණු දැක්වීම් සිදු කරනු ලැබීමත්ය.

2010 වසරේ සිට 2018 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණේ 2018 වසරේදීය.

එහිදී පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් දන්වා ඇත්තේ එම තොරතුරු අවශ්‍ය නම් 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ කතානාකවරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි.

තමා ඉල්ලා ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ නොවන බවත්, වත්කම් බැරකම් ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය පමණක් බවත් දන්වමින් මාධ්‍යවේදියා පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරීට අභියාචනයක් යොමු කර තිබුණේ ඉන් පසුය.

එහිදී පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා ද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනමාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කර තිබිණි.

අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සහ මහ ලේකම්ගේ කාර්යාලය ආයතන දෙකක් බැවින් තොරතුරු ඉල්ලීම යොමු කළ යුත්තේ කතානායකගේ කාර්යාලයට යැයි කියමින් තොරතුරු දීම දිගින් දිගටම මගහරින්නට උත්සාහ කළ අතර කතානායක කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු නොමැති බවත්, පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු සිදු වන්නේ මහ ලේකම්ගේ කාර්යාලයෙන් බවත් අභියාචනය විභාග කිරීමේදී හෙළි විය.

ඉන්පසු වත්කම් හා බැරකම් පනත යටතේ ලබා ගත හැක්කේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පමණක් බවත්, වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු ලබා ගත යුත්තේ තොරතුරු පනතින් බවත් කියමින් තොරතුරු පනත අභිබවා වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක වන බවට ද පාර්ලිමේන්තුව විසින් තර්කයන් ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත් වත්කම් බැරකම් නීතිය අභිබවා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පිළිබඳ නීතිය බලපැවැත්වෙන බවත්, ඉල්ලා ඇති තොරතුරු තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වගවීම සහ විනිවිදභාවය සම්බන්ධයෙන් වන තොරතුරු නිසා එම තොරතුරු මහජනතාවට වැදගත් වන බව සඳහන් කරමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තොරතුරු ලබාගැනීම තොරතුරු දැනගැනීමේ සංස්කෘතියෙහි වැදගත් අවස්ථාවක් බව තොරතුරු දැනගැනීමේ සංවිධාන පවසයි.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...