32 C
Colombo
Saturday, March 25, 2023

කොරෝනා අස්සේ නුවරඑළිය නගර සභාවෙන් දැවැන්ත අවුරුදු උත්සවයක් (ඡායාරූප)

- Advertisement -

පවත්නා කොවිඩ් 19 අර්බුදය හමුවේ නුවරඑළිය නගර සභාවෙන් විශාල ජනසහභාගීත්වයකින් යුක්තව ඊයේ (25) දිනයේ අවුරුදු උත්සවයක් පවත්වා තිබෙනවා.

මෙම අවුරුදු උත්සවය සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම දේශීය සංචාරකයන්ද සහභාගීවී ඇති බවයි වාර්තාවන්නේ.

නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවුරුදු උත්සවයට සහභාගීවූවන් හට දිවා ආහාරය සමග ගල් අරක්කු කාලක්ද ලබාදී ඇතිබවට තොරතුරු වාර්තාවනවා.

එයට සහාගීවූ පිරිසද කිසිදු නිරෝධායන නීතියක් අනුගමනය නොකර අවම තරමේ මුව ආවරණය හෝ නිසිපරිදි නොපැලඳ උත්සවශ්‍රීයෙන් ඇලලී ගිය ආකාරයක් දක්නට ලැබෙනවා.

රජය මගින් සියලු රාජ්‍ය හා පෞද්ගලික උත්සව තහනම් කර තිබියදී හා මහජනතාව එක්රැස්වන සැණකෙලි, එළිමහන් ප්‍රසංග හා උත්සව තහනම් කර තිබෙන තත්ත්වයකදී නුවරඑළිය නගරසභාව දිගින් දිගටම නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් දිනපතා වාර්තාවනවා.

පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...