27.9 C
Colombo
Saturday, April 27, 2024

එංගලන්තයට දැවැන්ත ජයක් – තරඟ ආරම්භයට පෙර ඉරානයෙන් එරට ආණ්ඩුවට විරෝධය

- Advertisement -

ඉරාන ලෝක කුසලාන පාපන්දු කණ්ඩායම එංගලන්තයට එරෙහි ඔවුන්ගේ ආරම්භක තරඟයට පෙර තම රටේ ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළා.

ඒ නොනවතින මහජන නොසන්සුන්තාවයට එරෙහිව ප්‍රචණ්ඩකාරී රාජ්‍ය මර්දනයට පාපන්දු කණ්ඩායම පක්ෂව සිටින බවට බොහෝ ක්‍රීඩා ලෝලීන් චෝදනා කළ පසුබිමකයි.

හිස් ආවරණය නොපැළඳීමේ වරදට අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මහ්සා අමීනි අත්අඩංගුවේ දී මියයෑමත් සමග ෂියා මුස්ලිම් ආණ්ඩුවට එරෙහිව ආරම්භ වූ.දැවැන්ත විරෝධතා රැල්ල දෙමසකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක වනවා.

මෙතෙක් කල් ඒ සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කළ ඉරාන පාපන්දු ක්‍රීඩකයින් ජාතික ගීය වාදනය කරන අවස්ථාවේ නිහඬව සිටිමින් විරෝධතාකරුවන්ට සිය සහයෝගය ප්‍රකාශ කළා.

ඉරාන ජාතික රූපවාහිනිය තරගයේ එම අවස්ථාව විකාශය කිරීමෙන් වැලකුණා.

කෙසේ වෙතත් මෙම තරගය 6 – 2 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

තරගයේ 19 වැනි මිනිත්තුවේදී ඉරාන දැල් රකින්නා වූ Alireza Beiranvand හිසට සිදුවූ අනතුරක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමත් විශේෂත්වයක්.

එංගලන්තය වෙනුවෙන් බුකායෝ සකා ගෝල ද්විත්වයක් ලබා ගත්තා.

ඊට අමතරව ජුඩ් බෙලිංහැම්, රහීම් ස්ටර්ලින්, මාර්කස් රෂ්ෆෝර්ඩ් සහ ජැක් ග්‍රේලිෂ් එංගලන්තය වෙනුවෙන් ගෝල ලබා ගත්තා.

තරගයේ 65 වැනි මිනිත්තුවේදී මෙහෙන්දි තෙරම් ඉරානය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර අතිරේක කාලයේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ද තෙරම් සමත් වුණත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...