27.8 C
Colombo
Friday, April 26, 2024

කාබනික වී කිලෝවක් රු. 100ට ගන්නවා..! – කෘෂිකර්ම ඇමති

- Advertisement -

කාබනික වී කිලෝවක් රුපියල් 100 කට මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පවසනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින්.

මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වනවිට රටපුරා සිදුවන උද්ඝෝෂණ වලට සැබෑ ගොවීන් සහභාගී නොවන බවත් ඒවායේ සිටින්නේ ව්‍යාජ පුද්ගලයන් බවත් ඔහු පවසනවා. හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

වී කිලෝවකට පළමු වරට රුපියල් අසූවක් ලැබුනේ තමා අමාත්‍ය ධූරය භාරගැනීමෙන් පසුව බවත් එය තමාගේ රූපයට සමාන පඹයන් පුච්චන ගොවීන්ට අමතක වී තිබෙන බවත් ඔහු පවසනවා.

රජය ලබාදෙන මෙම සහතිකය ගැන විශ්වාසය තබා වහාම ගොවිතැනට යොමු වන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවින් පොහොර අපෙක්ෂාවෙන් සිය වගා කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙන පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

පොහොර අර්බුදය සහ බඩු ඉහල යාමට එරෙහිව හගුරන්කෙත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සමගිජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විරෝධතාවයක් පැවැත් වූ අතර අනතුරුව ප්‍රාදේශීය සභා වාරයේදී ඔවුන් විශේෂ ප්‍රකාශයක් කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

මේ අතර, පොහොර ගැටලු‍ව සම්බන්ධයෙන් විමසීම සඳහා භික්ෂු සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ හමුවුණා.

එම අවස්ථාවට නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, රාවණ බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුව එම නියෝජිතයින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද හමුවුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...