25 C
Colombo
Saturday, March 25, 2023

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ඝාතනය කර පුළුස්සා දමයි

- Advertisement -

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර දේහය කොටදෙණියාව නාවාන සොහොන් පිටියේ පුළුස්සා දමා තිබියදී ඊයේ සවස පොලිසිය විසින් සොයා ගැනුනා.
සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය 65 හැවිරිදි ධම්මසිරි හිමියන්ගේ සිරු මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පෙට්‍රල් දමා පුළුස්සා දමා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඊයේ පෙරවරුවේ පුද්ගලයකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට භාරවී තිබුණා.
පොලිසිය පවසන අන්දමට ධම්මසිරි හිමියන් ඉකුත් 31 වෙනිදා රාත්‍රී 11.30 ට පමණ සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදී පැහැරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ ආරණ්‍ය සේනාසනයේ ගිහි පුද්ගලයන් දෙදෙනකුද සිට ඇති අතර සිදුවීමෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ.
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ සාමණේර භික්‍ෂුවක් සහ උඩුවිල ධම්මසිරි හිමියන් අතර ආරවුලක් පැවැති බවත් එම ආරවුලේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් පොලිසිය සැක පල කරනවා.

වැඩිදුර කියන්න

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...