24 C
Colombo
Thursday, March 30, 2023

හෙට අර්ධ සූර්යග්‍රහණයක්

- Advertisement -

හෙට (25) අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙය යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන අතර, එය විනාඩි 22 කාලයක් දැකගත හැකියි.

කෙසේ වෙතත් මෙම අර්ධ සූර්යග්‍රහණය සිදුවන විට සූර්යයා බැසයාමට ඉතා ආසන්න වීම හේතුවෙන් සහ එය උපරිම අවස්ථාව වනවිට චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත වැසෙන්නේ අල්ප ප්‍රමාණයක් වීම හේතුවෙන් මෙය ලක්වාසීන්ට දැකබලාගැනීම අවම වනු ඇති බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය  හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.

මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ  සහ  වේලාවන්

යාපනය   නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව.  5.27   සිට නිරීක්ෂණය කළ හැකි අතර  උපරිම අවස්ථාව ප.ව. 5.46 ට ද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි.  ග්‍රහණ  අවසානය ප.ව. 6.20 ට  සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු ප.ව. 5.49 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමන කාලයක් යාපනයට දිස්වේ.

කොළඹ නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම  ග්‍රහණ  අවධිය ප.ව.  5:49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුලු   ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට  හිරු බැසයාම පස්වරු ප.ව. 5:52 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.

ලංකාවේ  දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය හොඳින් දිස් නොවේ.

හිරු බැසයාමට ඉතා අසන්නේ පිහිටන  සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්,  සූර්ය පෙරහණක්  නොමැතිව වුවද නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30 ක පමණ  කාලයක් එදෙස බලා සිටියාට ඇස් වලට හානියක් සිදුනොවනු ඇති  බව ද මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය. නැවතත් සූර්යග්‍රහණයක්  ලංකාවට දිස්වනුයේ වසර 5කට පසුව එනම් 2027 අගොස්තු 2 දාය.

RECENT ARTICLES - SINHALA

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...