27.5 C
Colombo
Wednesday, October 4, 2023

දෙවිනුවර ප්‍රා: සභාවේ සභාපතිවරයා පහරදීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

- Advertisement -

දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සභාපතිවරයා විසින් තම ඉඩමට ප්‍රවේශ මාර්ගයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා සිටි බවත්, තමන් විසින් මුදල් ලබාදීමේ නීත්‍යානුකූල පදනම සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් මෙම අමානුෂික පහරදීම සිදුකල බව තුවාලකරු විසින් ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් News19 දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ මහතාගෙන් අප සිදුකල විමසීමේදී

“පිහියකුත් අරන් තුන් දෙනෙක් ඊයෙ අපේ ගෙදරට ඇවිත් මට බැණල තිබුණ. මම ඒ වෙලාවෙ ගෙදර හිටියෙ නෑ. ඒ වෙලාවෙ ගෙදර හිටපු කෙනෙක් එක්ක මේ අය ප්‍රශ්නයක් හදාගෙන ඒක දුරදිග දිහිල්ල තමයි මේ පහරදීම සිදුවෙලා තියෙන්නෙ”

යනුවෙන් දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ මහතා විසින් සඳහන් කරන ලදී.

ගන්දර පොලීසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සිදුවීමට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...