30.3 C
Colombo
Friday, April 26, 2024

ගිනිගත් පුද්ගලයෙකු හංවැල්ල රජයේ තානායමේ ගල්බංකුවක් මත සිට හමුවෙයි

- Advertisement -

හංවැල්ල රජයේ තානායමේ ගල් බංකුවක් මත තිබී ගිනිගත් පුද්ගල මෘත දේහයක් හමුවී තිබෙනවා.

තානායමේ කාමරයක් ඉදිරිපිට කොස්ගසක් යට ඇති ගල්බංකුවක් මත තිබූ මෙම පුද්ගල මෘත දේහය අද (10) උදෑසන හමුවූ බව හංවැල්ල පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන සාලාව පාර ප්‍රාදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඊයේ (09) සවස 4 ට පමණ හංවැල්ල තානායමට පැමිණි මෙම පුද්ගලයා කාමරයකට මුදල් ගෙවා එහි රාත්‍රිය ගතකර තිබෙනවා.

කෙසේවෙතත් රාත්‍රි කාලයේ ඔහු සිය කාමරය ඉදිරිපස ඇති ගල්බංකුවක් මතට වී ඔහුත් සමග පැමිණි කුලී රථ රියදුරා සමග රාත්‍රී 11 වන තෙක්
මත්පැන් පානය කළ බව තානායමේ බලධාරීන් පවසනවා.

ඉන් අනතුරුව අද උදෑසන ඔහුගේ පිළිස්සුණු දේහය හමුවූ බවයි තානායමේ පාලනාධිකාරිය සදහන් කරන්නේ.

හංවැල්ල රජයේ තානායම ඕලන්ද බලකොටුවක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් බවත් මෙම පුද්ගලයා පිළිස්සී සිටි ගල් බංකුව වේල්ස් කුමාරයා ලෙස සැලකෙන හත්වන එඩ්වඩ් රජු ⁣මෙම බලකොටුවට පැමිණි අවස්ථාවල වාඩි වී කැළණි ගගේ සිරි නැරඹූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගල් බංකුවක් බවට විශ්වාස කරන බවත් තානායමේ පාලනාධිකාරිය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...