25 C
Colombo
Thursday, October 10, 2024

හරක් හොරකමේ ගිය පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

- Advertisement -

කන්තලේ, භාතියගම ප්‍රදේශයේදී එළ ගවයකු සොරා ගෙන මස් පිණිස විකිණුවේ යැයි පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ පොලිසියට අනුයුක්තව සේවය කරන එම ප්‍රදේශයේම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.

පොලීසිය පවසන්නේ කන්තලේ, භාතියගම ප්‍රදේශයේ ගෙවත්තක තණ කෑම සඳහා බැඳ සිටි එළ ගවයකු මෙලෙස මෙම පොලිස් කොස්තාපල් විසින් සොරකම් කර ඇති බවයි.

එම ගෙවත්තේ බැඳ දමා සිටි ගවයා තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට මස් සඳහා විකුණා ඇතැයි පොලිසිය පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි...

ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සුදානම්

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 5 යි දශම 4 ක්...

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...