30 C
Colombo
Wednesday, May 15, 2024

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

- Advertisement -

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.

ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද 2022 වසරේ දී වාර්තා වූ සියයට 49.8 සිට 2023 වසර වන විට සියයට 48.6ක් දක්වා පහත වැටී තිබෙනවා.

සේවා වියුක්ත ජනගහනය මෙන්ම ශ්‍රම බළකාය පහත වැටීමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතිකය ද පෙර වසර හා සැසඳීමේ දී 2023 වසරේ දී සියයට 4.7ක අගයෙහි නොවෙනස්ව පැවතී ඇති බව සඳහන්. 

සේවා වියුක්ත ජනගහනය 2022 දී වාර්තා වූ මිලියන 0.399 සිට 2023 වන විට මිලියන 0.39ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

එසේම, සේවා නියුක්ත ජනගහනය ද 2022 වසරේ දී වාර්තා වූ මිලියන 8.14 සිට පසුගිය වසර වන විට මිලියන 8.01ක් දක්වා පහත වැටී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...