26 C
Colombo
Tuesday, May 21, 2024

විදුලිය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පවත්වා තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ මෙරට ප්‍රධාන නියෝජිතයින් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඊයේ (06) පැවැති මෙම සාකච්ඡාවට එක්වූ බවයි.

මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් සහය ලබාදෙන බව මෙම සංවර්ධන ආයතන ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පවසනවා.

විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය මඟින් සංවර්ධන නියෝජිත ආයතන සමඟ සාකච්ඡා කර අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහය ලබා ගනිමින් ඉදිරි සැලසුම සහ නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍යවරයාගේ එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලද සැනින් එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...