28 C
Colombo
Wednesday, May 22, 2024

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

ගමන් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මඟීන්ගේ ගමන් මලුවලට තමන්ගේ ගමන් මලු මාරු කරමින් බෑග් සොරකම් කිරීමේ ජාවාරමක නියැලෙන සිදුවීම් කිහිපයක් මේ දිනවල වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ උපලේකම් චින්තක සිරිවර්ධන මහතා අද (06) මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගමන් කරන මඟින් සිය ගමන් මලු සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසයි.

දුම්රිය මඟීන් බහුලව ගැවසෙන මැදිරිවලට පිවිසෙන මෙම කල්ලිය හිස් ලැප්ටොප් පරිඝනක බෑග් සහ තවත් ගමන් මලු රැගෙන මැදිරිවලට ඇතුළු වී ඒ හා සමාන මඟී බෑගයක් ඒ අසලින් තබන බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතා ප්‍රකාශ කළේ මඟියාගේ අවධානය බෑගයෙන් ගිලිහෙන මොහොතක් බලා කල්ලි සාමාජිකයා මඟියාගේ බෑගය රැගෙන දුම්රියෙන් බැස යාම් සිදුකරන ඇති බවයි.

කිසියම් අයුරකින් දුම්රියෙන් බැස යාමට පෙර බෑග් සෙල්ලම අසු වුවහොත් එය වැරදීමක් ලෙස හඟවමින් මඟියා නොමඟ හැර පිටව යාම එම කල්ලිය විසින් සිදු කරනු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...