24 C
Colombo
Tuesday, May 21, 2024

සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

- Advertisement -

අති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයන කිරීමේදී රුපියල් බිලියන16ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම, විමර්ශන අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමට අදාළ නඩුව ඊයේ (09) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ පෞද්ගලික සමාගම මඟින් 2011 සිට 2014 දක්වා කාලයේදී අති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරු බදු රහිතව මෙරටට ආනයනය කර ඇති බව විගණකාධිපතිවරයා ඉකුත් 2016 වසරේදී අනාවරණ කර තිබිණා.

එහිදී හෙළිවුණේ, මෙම වාහන ආනයනයේදී රජයට රුපියල් බිලියන16ක පමණ බදු මුදලක් අහිමි වී ඇති බවයි.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් සිදුකර එක් වාහනයකට රුපියල් 100,000ක් බැගින් වූ දඩ මුදලක් අයකර ගැනීමට පියවර ගෙන තිබිණා.

අනතුරුව ශ්‍රී ලංකා රේගුව සිදුකළ ඉල්ලීම මත ජර්මානු රේගු බලධාරීන්ගෙන් ප්‍රශ්නගත වාහන ආනයනයට අදාළ වාර්තාවක් කැඳවා එය පදනම් කරගෙන නැවතත් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී වාහන ආනයනය කළ පෞද්ගලික සමාගම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර විමර්ශන අත්හිටුවමින් නියෝගයක් ගෙන තිබුණා.

නඩුව යළි ඊයේ කැඳවූ අවස්ථාවේ පෙත්සමේ වගඋත්තරකරුවන් වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකළා.

එහිදී අවධාරණය කෙරුණේ, වාහන ආනයනය කිරීමේදී යම්කිසි බලපත්‍රලාභී සමාගමක් හෝ පාර්ශ්වයක් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට, වංචනික අයුරින් කටයුතු කර ඇති බව පසුව හෝ අනාවරණය වන්නේ නම් නැවත විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගැනීමට රේගු ආඥා පනතින් රේගු දෙපාර්තමේන්තුවට බලය ඇති බවයි.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, පෙත්සම්කාර සමාගම වංචනික අයුරින් කටයුතු කර ඇති බව සාක්ෂි මඟින් පැහැදිලිවන බවයි.

එම කරුණු දැක්වීම සහ ලේඛන සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල, අභියාචනාධිකරණය පෙර නිකුත් කර ඇති නියෝග බලරහිත කර ගාස්තුවට යටත්ව සමාගමේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.

ඒ අනුව, වාහන ආනයන සිද්ධිය සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙලෙස අවසර ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...