29 C
Colombo
Saturday, May 4, 2024

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100 (Time 100) අතරට එක්ව තිබෙනවා.

Time 100 යනු අමෙරිකානු ප්‍රවෘත්ති සඟරාවක් වන Time විසින් ප්‍රකාශයට කරන ලොව වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවක්.

අමෙරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර මතවාදයක් ප්‍රතිඵලයක් ලෙස 1999 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුව වර්තමානයේදී වාර්ෂිකව ඉදිරිපත් කෙරෙන අතර එයට ඉතා වැදගත් ලෙස සලකනවා.

රොසෑනා ෆ්ලේමර් කල්දේරා දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ LGBTQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඇති අතර ඇයගේ උපදේශනය ගෝලීය වශයෙන් විචක්ෂණශීලී කාන්තාවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දී තිබෙන බව TIME වාර්තාකරු සන්යා මන්සූර් ඇය සම්බන්ධයෙන් සඟරාවේ සටහන් කර තිබෙනවා.

කාන්තාවන් අතර සමලිංගික සමීපත්වය ශ්‍රී ලංකාව විසින් තහනම් කිරීමට එරෙහිව එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ප්‍රකාශ කරමින් ඇය පවරන ලද නඩුව සඳහා  2022 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සුවිශේෂී තීරණයක් ගනිමින් ඇයට සහාය පළකර තිබුණා.

මෙම නඩුව ශ්‍රී ලංකා දේශපාලනයේ LGBTQ අයිතිවාසිකම් කරළියට ගෙන ආ අතර, එම තීරණයෙන් පසුව නීති සම්පාදකයකු විසින් රට තුළ සමලිංගිකත්වය සාපරාධී නොවන බවට පත්කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සංශෝධනයට විරුද්ධ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇති නමුත් යෝජිත නීතියේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බව ටයිම් ලිපියේ සඳහන් වෙනවා.


RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...