24 C
Colombo
Tuesday, March 21, 2023

කිරුළ අහිමි වූ පුෂ්පිකාගෙන් ප්‍රකාශයක්

- Advertisement -

ඊයේ (04) පැවති Mrs. Srilanka 2020 තරඟාවලියේ අව‍සන් තරඟයේදී ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව සිය කිරුළ අහිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකර තිබෙනවා.

ඇය පවසන්නේ පෙරදා රාත්‍රියේ සිදුවූ අපහාසාත්මක සිදුවීම තමන්ට ඇතිවූ එක් සිදුවීමක් පමණක් බවත් තමන් තමන් ලෙස තවමත් අභිමානයෙන් සිටින බවත්ය.

අදාල සිදුවීමෙන් තම හිස් කබලට තුවාල සිදුව ඇති බවත් ඒ පිළිබදව තම දරුවා විමසන විට දරාගත නොහැකි වේදනාවක් ඇතිවන බවත් ඇය අදාල සටහනෙහි දක්වා තිබෙනවා.

එමෙන්ම ඇය දික්කසාද වී ඇති කාන්තාවක් නොවන බවත් ඇය දික්කසාද බවට චෝදනා කරන්නේ නම් ඊට අදාල ලියකියවිල් ඉදිරිපත් කරන ලෙසට තමන් අභියෝග කරන බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා.

අදාල සිදුවීම හරහා සිදුවූ අසාධාරණය හා අපහාසය වෙනුවෙන් තමන් දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන් බවයි ඇය සටහන් කර ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.