28 C
Colombo
Tuesday, May 21, 2024

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

- Advertisement -

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවද පාර්ශවකරුවෙකු වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ළමයෙකු සතු සිවිල් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අවධාරණය කර ඇති බව රජය පවසනවා.

දෙමාපියන්ගේ, නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ වෙනත් තැනැත්තකුගේ රැකවරණයේ සිටින ළමයෙකු ලිංගික අපයෝජනය ඇතුළුව සියලුම ආකාරයේ ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම, තුවාල සිදුකිරීම හෝ අපයෝජනයට ලක් කිරීම, නොසලකා හැරීම හෝ අයුතු ලෙස සැලකීම හෝ සූරා කෑමට ලක් කිරීම ආදියෙන් ආරක්ෂා කිරීම සඳහා යෝග්‍ය සියලුම නීතිමය පරිපාලනමය හා අධ්‍යාපනික ක්‍රියාමාර්ග රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් ගත යුතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19(1) ව්‍යවස්ථාව මගින් පෙන්වා දී තිබෙන බවත් රජය පවසනවා.

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය...

බිරිඳගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව...

හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණා. එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...