30 C
Colombo
Tuesday, May 7, 2024

තාප්පයක් පෙරළී කුඩා දරුවෙකුට මරුට

- Advertisement -

නිවසක පැරණි අබලන් තාප්පයක් කඩා වැටීම නිසා වයස අවුරුදු එකයි මාස නවයක කුඩා දරුවකු මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (04) මියගොස් තිබෙනවා

මෙම දරුවා පියා සමග සෙල්ලම් කරමින් සිටියදී ළමයා කකුලක් තාප්පයේ තබා ඉහලට නැගීමට උත්සහ කළ අවස්ථාවේදී තාප්පයේ කොටසක් ළමයාගේ සිරුර මතට ඇද වැටීමෙන් ඔහු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි එමානුවෙල් දර්ශන් සාධුසන් නැමති පිරිමි දරුවෙක්.

තාප්පයට යට වීමෙන් පසුව වහාම එම ළමයාව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් යාපනය ශීක්ෂණ රෝහල වෙත රෝගියා මාරු කර යවා තිබෙන අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ දී අදාළ දරුවා මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් පවසා ඇත්තේ හුස්ම හිරවීමෙන් හා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

විරෝධතාවයක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා. එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...