29 C
Colombo
Saturday, May 4, 2024

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගෙන් ලෝක කුසලාන පාපන්දු වාර්තාවක්

- Advertisement -

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඝානා කණ්ඩායම සමග පැවති තරගයේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව වාර්තාවක් පිහිටුවන්ට සමත් වුණා.

ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙසින්.
37 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 2006, 2010, 2014, 2018 සහ 2022 පහ නියෝජනය කළ අතර ඒ සෑම තරගාවලියක දීම ගෝල වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ ඝානා රාජ්‍යය අතර පැවති තරගය නිමාව දුටුවේ පෘතුගාල කණ්ඩායමට ගෝල 3 – 2 ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

කණ්ඩායම් දෙකටම ගෝල නොමැතිව පළමු අර්ධය නිමා වුණා.

තරගයේ 65 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලබා ගත් ඓතිහාසික ගෝලයත් සමග පෘතුගාලය තරගයේ පෙරමුණ ගත්තා.

Andre Ayew 73 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සම කළේ පෘතුගාල ප්‍රේක්ෂකාගාරය මොහතකට නිහැඬියාවේ ගිල්වමින්.
නමුත් මිනිත්තු 2ක කාල පරාසයක් තුල ගෝල 2ක් ලබා ගනිමින් පෘතුගාලය ඒ නිහඬ බව බිඳහෙලුවා.

Osman Bukhari තරගයේ 89 වැනි මිනිත්තුවේදී පන්දුව තම හිසෙන් පෘතුගාල දැල තුලට යොමු කළේ නාටකීය අවසානයකට මග පාදමින්.

එම පන්දුව ආපසු යොමු කිරීම සඳහා පෘතුගාල දැල් රකින්නා, Diogo Costa පන්දුව බිම තබන අවස්ථාවේ Inaki Williams ඔහු පසුපස සිටින බව දැක තිබුණේ නැහැ.

හීයක වේගයෙන් පන්දුව වෙත සිය පාදය දිග කළ විලියම්ස් උත්සාහ කළේ යළිත් පෘතුගාල දැල ආක්‍රමණය කිරීමටයි.

නමුත් ඒ තීරණාත්මක මොහොතේ ලිස්සා ගිය ඝානා ඉදිරි පෙළ ක්‍රීඩකයාට පන්දුව නිවැරදිව දැල වෙත යොමු කිරීමට නොහැකි වුණා.

ඒ අනුව මෙම තරගය 3 -2 ක් ලෙස ජය ගැනීමට පෘතුගාලය සමත් වුණේ H කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්.

පළමු අර්ධය තුල කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට අවස්ථාව නොලැබුණත් දෙවන අර්ධය තුල ගෝල 5ක් වාර්තා වීම මෙම තරගයේ විශේෂත්වයක් වුණා.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...