32 C
Colombo
Sunday, June 4, 2023

ජනපතිට අනුව ෆයිබර් ඔප්ටික්ස් අන්තර්ජාල පහසුකම් නැත්තෙ රටේ පාසල් 174ටයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් සංඛ්‍යාව පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බවට ජනතාවගෙන් ප්‍රකාශ පලවන බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශයට අනුව ෆයිබර් ඔබ්ටික් පහසුකම මෙරට පාසල් 10,000 කට ලබා දී ඇති නමුත්, ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී තිබෙන්නේ කුමන පාසල්වලටද යන්න පිළිබඳව ජනතාව මහජන නියෝජිතයන්ගෙන් පවා විමසා සිටින බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

මෙරට පිහිටි සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10,174 ක් වන අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදීමට ඉතිරිව තිබෙන්නේ පාසල් 174ක් පමණක් වියයුතු බව පෙන්වා දෙන රෝහිණී කවිරත්න මහත්මිය වැඩිදුරටත් පවසන්නේ දෙන්නේ ජනාධිපතිවරයාට සමීපව සිටින පුද්ගලයන් විසින් වැරදි දත්ත ලබා ඔහුව බරපතල ලෙස රවටා ඇති බවයි.

“මේ සම්බන්ධතා ලබාදුන්නු පාසල්වල නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කරන්න. මොකද අපිට ගැටළුවක් තියෙනවා ඔබතුමාව රවට්ටලා. ඔබතුමාට බොරු සංඛ්‍යාලේඛන දීලා හොර පාරෙන් මේ සම්බන්ධතා ටික කවුරු හරි අරන් තියෙනවද කියන එක පිළිබඳව දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතිවාසිකමක් තියෙනවා.” යැයි ඇය පවසයි.

ජනාධිපතිවරයාගේ තරහකරුවන් සිටින්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලද එසේ නැතහොත් ජනාධිපතිවරයාගේ සමීපයේද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවන බවත් කවිරත්න මහත්මිය පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...