30.3 C
Colombo
Friday, April 26, 2024

ඉන්දියාවේ ඉහළම අධිකරණයට කාන්තා විනිසුරුවරියන් තිදෙනෙක්

- Advertisement -

මෑතකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තා විනිසුරුවරියන් තිදෙනෙකු පත් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු වන බීවී නාගරත්න කෙදිනක හෝ ඉන්දියාවේ පළමු අගවිනිසුරුවරිය විය හැකි බවට අනාවැකි පළවෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ඉන්දියානු අධිකරණ ක්ෂේත්‍රයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇතැයි පැවසේ.

විනිසුරු හිමා කෝලි, විනිසුරු බෙලා එම් ත්‍රිවේදි සහ බීවී නාගරත්න යන කාන්තා විනිශ්චයකාරවරියන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 1 දාය.

නව පත්වීම් ලැබූ කාන්‍තා විනිසුරුවරියන් තිදෙනා අගවිනිසුරු එන්.වී. රමණා සහ විනිසුරු ඉන්දිරා බැනර්ජි සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස හුවමාරු වූ අතර එය ජාතික පුවත්පත්වල මුල් පිටුවට ද එක් වී තිබිණි.

නීති ඇමති කිරන් රිජිජු මෙය “ස්ත්‍රී පුරුෂ භාවය නියෝජනය කිරීමේ ඓතිහාසික අවස්ථාවක්” ලෙස හඳුන්වා තිබේ.

එක්සත් ජනපද ඉන්දීය තානාපතිවරයා ද නිවේදනයක් නිකුත් කරමින් මෙය “අභිමානවත් අවස්ථාවක්” බව සඳහන් කර ඇත.

තවත් බොහෝ දෙනෙක් මෙය ඉතාම වැදගත් දිනයක් ලෙස පවසමින් ඔවුන් වෙත සුබ පැතුම් එක් කර තිබෙනු දැකගත හැකිවිය.

මෙම පත්වීම් ඉන්දියාවේ ඉහළ උසාවියේ ස්ත්‍රී පුරුෂ භාවය අතර පරතරය අඩු කරන සිදුවීමක් වුවත් ඉන්දියාවේ අධිකරණ පද්ධතිය තුළ ඇති විකෘති ස්ත්‍රී පුරුෂ සමබරතාවය ස්ථාවර වන තුරු මෙම සැමරුම් නොමේරූ ඒවා බව විචාරකයන් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...