26 C
Colombo
Wednesday, October 4, 2023

පාකිස්තාන ඇෆ්ගනිස්තාන ආරවුල උග්‍ර වේ

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් (Khost) සහ කුනාර් (Kunar) පළාත්වලට පකිස්තාන හමුදාව විසින් මෑතකදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් ගණනාවක් මරුමුවට පත් වීම දෙරට අතර දැනටමත් පවතින ආතතීන් තීව්‍ර කර ඇති බව විදෙස් මාධය වාර්තා කර තිබෙනවා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඇෆ්ගනිස්තාන ප්‍රාදේශීය බලධාරීන් කිහිප දෙනෙකු උපුටා දක්වමින් වාර්තාකර ඇත්තේ පසුගිය සෙනසුරාදා උදෑසන නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් පුද්ගලයින් 45 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය (IEA)හෙවත් තලේබාන් පාලනය  කෝස්ට් සහ සහ කුනාර් හි සරණාගතයින්ට එල්ල කළ පකිස්තානය එල්ල කළ  ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇෆ්ගන්වරුන්ගේ ඉවසීම පරීක්‍ෂා නොකරන ලෙසත්, එම වරද නැවත සිදු නොකිරීමට වගබලාගත යුතු අතර එසේ නොවුවහොත් නරක ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවටත් පාකිස්තානයට අනතුරු අඟවා ඇත.

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, තලේබාන් සංවිධානය කාබුල්හි පාකිස්තාන තානාපතිවරයා ද කැදවා ප්‍රහාර සම්බන්ධයෙන් අප්‍රසාදය ප්‍රකාශ කර ඉස්ලාමාබාද් වෙත භාරදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දැන්වීමක් ද  ලබා දී ඇතැයි සඳහන් වේ. 

කෙසේ වෙතත්, පාකිස්තාන නිලධාරින්  තවමත් ප්‍රහාර සනාථ කර නොමැති අතර ඒ වෙනුවට ඇෆ්ගනිස්ථානයෙන් ඔවුන්ගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව දේශසීමා හරහා වැඩි වන ප්‍රහාර මැඩපැවැත්වන ලෙස තලේබාන්වරුන්ගෙන් ඉල්ලා තිබේ

RECENT ARTICLES - SINHALA

Breaking: සමාජ මාධ්‍ය පනතට කවුරුත් අත උස්සන්නේ නැහැ – මහින්ද (වීඩියෝ)

0
සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

සිරිපාලගේ සාකච්ඡාවෙන් පසුවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයි

0
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක්ම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හේතු සෙවීම සඳහා පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...