26 C
Colombo
Tuesday, August 9, 2022

ඇමරිකානු ජනපති හා චීන ජනපති අතර සාකච්ඡාවකට එකඟතාවයක්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ඵලදායී අන්දමින් පැවැත්වුණු බවත්, දෙරටේ නියෝජිතයන් පැය හයක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට එකඟතාව පළ කරමින් එම සාකච්ඡාව අවසන් වූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය සදහන් කරනවා.

මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන යැන් ජීචි යන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මාර්තු මාසයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී දෙපාර්ශවයම ආක්‍රමණශීලි සහ දැඩි ස්ථාවරයක් අනුගමනය කළද මෙවර සාකච්ඡාවේදී දෙපාර්ශවයම අඩියක් පසුපසට ගනිමින් සංවාදශීලි සහ ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාස කිහිපයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කරන ලද අදහස් දැක්වීම් තමන් සැලකිල්ලට ගන්නා බවත් තමන්ට ‘අලුත් සීත යුද්ධයක්’ අවශ්‍ය නොවන බවත් චීනය ප්‍රකාශ කරනවා.

හොංකො, තායිවානය, ෂින්ජින්ග්, සමුද්‍රීය කටයුතු සහ මානව හිමිකම් මෙන්ම දේශගුණික විපර්යාස කරුණු මුල් කරගනිමින් මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර සම්බන්ධතා ඉතා නරක අතට හැරී තිබෙනවා.

ඒ අනුව මාස ගණනාවක සිට දෙරට අතර මේ වනවිට දරුණු මතභේද ඇතිවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමෙරිකාව සහ චීනය ලොව බලවත්ම රටවල් දෙක ලෙස ද සැලකෙනවා.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුවක් තවමත් පවත්වා නොමැති අතර එවැන්නක ඇති අවදානම සහ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් දෙරටම අවබෝධයෙන් සිටින බව ද ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...