26.6 C
Colombo
Wednesday, May 15, 2024

අජිත් රෝහණ යළිත් පොලිස් මූලස්ථානයට

- Advertisement -

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම් අනුමත කර ඇති ජාතික පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මුලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් කළ අනුමැතියට අදාලව වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙක් ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න ඊයේ (25) කටයුතු කර තිබුණා.

එහිදී තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම අනීතික බවද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද පෙන්වා දෙන දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා ජාතික පොලිස් කොමිසමට ඊයේ දිනයේම ලිපියක් යොමුකර තිබුණා.

ඒ පිළිබඳව අවධානය යොමුකල ජාතික පොලිස් කොමිසම විසින් අජිත් රෝහණ ලිපියෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කර තීන්දුවක් ලබාදෙන තෙක් ඔහුව කොළඹ පොලිස් මුලස්ථානයට මාරුකර යැවීමට නිර්දේශකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවුවද නැගෙනහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය මේවනවිට පුරප්පාඩු වී පවතිනවා.

මේ පිළිබදව වැඩිදුර කරුණු දැනගැනීම සඳහා අද දහවල් පටන් අප ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් දුරකතනයට පිළිතුරු නොදීමට කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද උදෑසන 8 සිට...

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා...

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...