30.2 C
Colombo
Friday, April 26, 2024

අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය ආයතන කිහිපයක් ඒ බව වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කර යැවීමට තීරණය වූ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශයට පත් කළ පසු මෙම තීන්දුව ගෙන තිබීම විශේෂත්වයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා තෝරාගත් පුද්ගලයාගේ නම යෝජනා කර යැවිය යුත්තේ පක්ෂ මහ ලේකම්වරයාය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය පරාජය වූ පසු, එජාප නායක රනිල් වික්‍රමිංහ ඉල්ලා අස් වන බවට අකිල විරාජ් මහතා මීට පෙර ප්‍රකාශයක් කර තිබූ අතර එම ප්‍රකාශය පිළිබඳ එජාප නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ අභ්‍යන්තර රැස්වීමකදී දෝෂාරෝපණය කළ බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

2021 වර්ෂයේ මුල එජාප ඉහළ තනතුරු රැසක් වෙනස් වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...