28 C
Colombo
Tuesday, May 21, 2024

කලර් ලයිට් යාචකයන්ට මුදල් දෙන්න එපා – පොලීසිය (වීඩියෝ)

- Advertisement -

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා,

“විශේෂයෙන් මේ යාචකයින් අත් අඩංගුවට අරගෙන පොලිස් ස්ථානයට ගෙනල්ලා මොවුන්ව පුනරුත්ථාපනය කරන්න අපි සැලසුම් සකස් කරගෙන ගියා. ඒ වගේම දිනකට රුපියල් 2500 -3000 දක්වා උපයා ගත හැකි රැකියා ඔවුන්ට ලබා දුන්නා. ඒත් ඔවුන් කියන්නේ සිඟමනේ යෙදිලා දිනකට රුපියල් 15,000ක් 20,000 ක් පමණ උපයනවා, මේක අපිට  ප්‍රමාණවත් නැහැ කියලා. එතකොට, සමහර අවස්ථාවලදී මේක යම් කිසි පුද්ගලයෙක් මෙහෙයවලා සිඟමනේ යෙදෙන අය යාචයකයින් බවට පත් කරගන්නවා. මේ යාචකයින්ගේ කුඩා දරුවන්ට සමහර වෙලාවට මත් වෙන්න සිරප් වගේ දේවල් දීලා ඔවුන්ව රැගෙන එනවා. ඒ නිසා ඔවුන් හැමවෙලේම නිදාගෙන ඉන්නේ. ඒ වගේම මත් ද්‍රව්‍ය, මත්පැන්වලට ඇබ්බැහි වූවන් ගොඩක් ඉන්නවා, ඒ නිසා මේ යාචකයින්ට මුදල් දෙන්න එපා”

RECENT ARTICLES - SINHALA

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා. අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය...

රුසියාවට සෙබළු 120ක් යැවූ අයෙක් දෙහිවලදී අත්අඩංගුවට

විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සෙබළු සංචාරක වීසා මත රුසියාව සහ යුක්රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී...

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු රවී...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...