31 C
Colombo
Sunday, June 4, 2023

පළමු T20 තරගයෙන් සත්කාරක එංගලන්තයට පහසු ජයක්

- Advertisement -

යළිත් වරක් පිතිකරුවන් සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් එංගලන්තය සමග කාර්ඩිෆ්හිදී පැවති පළමු T20 තරගයේදී සුපුරුදු පරිදි පරාජය වැළඳ ගන්නට කුසල් ජනිත් ප්‍රමුඛ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

එංගලන්තය ශ්‍රේණිගත කිරීම් හි අංක 1 පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 8වන ස්ථානයේයි.

එමෙන්ම මෙම තරගයට ශ්‍රී ලංකාව එක් වුණේ පසුගිය මාර්තු මාසයේ පැවති අවසන් T20 තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමට වඩා වෙනස්කම් 6ක් සහිතවයි.

තරගයේ කාසිය වාසිය දිනූ කුසල් ජනිත් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. නමුත් තරගයේ දෙවන පන්දුවාරයේදීම කිසිදු ලකුණක් රැස්කර ගන්නට මත්තෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ක්‍රීඩාගාරයේ අසුනක් වෙන් කරන්නට සෑම් කරන් සමත් වුණා.

ලකුණු 19ක් ලබා සි⁣ටි ධනුෂ්ක ගුණතිලක කඩුලු රකින්නාගේ හිසට ඉහලින් අනවශ්‍ය පහරක් සඳහා ගත් උත්සාහය කෙළවර වුයේ පහසු උඩපන්දුවක් කඩුලු රැකි ජොස් බට්ලර්ට ලබා දෙමින්. කුසල් මෙන්ඩිස්ට මෙන්ම ධනංජය ද සිල්වාටත් පිතිකරණ වගකීම සහමුලින්ම අමතක වී තිබුණා.

කුසල් ජනිත් පෙරේරා පන්දු 26 කදී ලකුණු 30යි. දසුන් ශානක පන්දු 44කදී ලැබූ ලකුණු 50 යම් ගෞරවනීය ස්ථානයකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබුවා.

එය T20 තරග රටාව තුල දසුන් ශානකගේ දෙවන අරද ශතකයයි. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 129/7 ක් ලෙස සටහන් වුණා.

ලකුණු 130 ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පැමිණි ජේසන් රෝයි සහ ජොස් බට්ලර් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිසරදයක් වෙමින් පිටියේ ස්ථාවර වුණේ ජයග්‍රහණයේ මාවත පහසුවෙන් විවර කරගනිමින්.

ජේසන් රෝයි ලකුණු 36කට දැවීගිය අතර බට්ලර් නොදැවී ලකුණු 68ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය තෙක් සුරැකිව රැගෙන ගියා.

ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබියදීයි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමිර සහ ඉසුරු උදාන එක කඩුල්ල බැගින් දවාගත්තා. වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුල ලබා දුන්නේ ලකුණු ⁣12ක් පමණක් වීම කැපීපෙනුණා.

තරගයේ වීරයා ජොස් බට්ලර්. දෙරට අතර දෙවන තරගය අද(24) පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය මේ වනවිට පෙරමුණේ පසුවනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...