24 C
Colombo
Monday, December 11, 2023

ගස බේරාගන්නට ගිය දේවානිට එරෙහිව පරීක්ෂණයක්

- Advertisement -

ආන්දෝලනයට තුඩුදී ඇති වේයන්ගොඩ – දාරළුව ප්‍රදේශයේ ඇති කෲඩියා සිලනිකා ශාඛය රැකගැනීමට ඉදිරිපත්වූ ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට චෝදනා රැසක් ඉදිරිපත්ව ඇතැයි වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

වදවීමේ තර්ජනයට මුහුණපා ඇති නිසාවෙන් රතු දත්ත පොතට පවා ඇතුළත්ව ඇති කෲඩියා සිලනිකා ශාඛයකට හානි කිරීම වැළැක්වීම හේතුවෙන් යළිත් වරක් දිසා වන අඩවි නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය පිළිබදව කතා බහක් ඇතිවුණා.

අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ අදාල ශාඛය පිළිබදව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වන වගන්තියේ 8 වන උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බවයි.

ඒ අනුව දේවානි ජයතිලක මහත්මිය දිසා වන නිලධාරිනියක් බවත් ඇය තමන්ට අදාල නොවන කාර්යයකට මැදිහත්වී ඇති බවත් ලේකම්වරයා පවසනවා.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කරන්නේ වන සංරක්ෂක නිලධාරියෙක් වෙනත් පනතක කටයුත්තකට මැදිහත් නොවිය යුතු බවයි.

එමෙන්ම රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් ගැටුම් කළමණාකරණය කරනවා විනා ගැටුම් ඇති කිරීමේ තත්ත්වයක් ඇති නොකල යුතු බවද ඔහු සදහන් කරනවා.

එවන් තත්ත්වයක් පවතින ස්ථානයකට දිසා වන නිලධාරිනිය යන්නේ නම් තමන්ට ඉහළ නිලධාරීන් හට අදාල සිදුවීම පිළිබදව දන්වා යා යුතු බවත්, සිදුවීම පවත්නා ස්ථානයේ සිට මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශය කුමක්දැයි යන්න තම ඉහළ ප්‍රධානීන් දැනුවත් කල යුතුව තිබූ බවත් ලේකම්වරයා පවසනවා.

ඒ අනුව දේවානි ජයතිලක මහත්මිය සම්බන්දයෙන් වන සංරක්ෂකවරයා යම් පියවරක් ගැනීමට නියමිතව ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...