29 C
Colombo
Saturday, July 27, 2024

“එන්නත අරන් වැඩට එන්න” ගැබිණි මවුවරුන්ට නියෝගයක්..!

- Advertisement -

රාජ්‍යයේ සේවයේ නියුතු ගැබිණි මවුවරුන් අද (02) දිනයේ සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි නියෝග කර තිබෙනවා.

කොවිඩ් එන්නත ලබාගැනීම ගර්භණී මවුවරුන්ටද සුදුසු බව දන්වා ඇති පසුබිමක ඔවුන්ට පමණක් සේවයට වාර්තා නොකිරීමට ඉඩ දීමට නොහැකි බවයි ලේකම්වරයා අවධාරණය කරන්නේ.

ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා. ඒ අනුව, ගැබිණි මවුවරුන්ටද එන්නත්කරණය ඇරඹුණද ඇතිවිය හැකි සංකූලතා සම්බන්ධයෙන් බියවන මවුවරුන් එන්නත ලබාගැනීමෙන් වැළකීමද දැකගත හැකිවනවා.

කෙසේ වෙතත්, එන්නත්කරණය කළ අයටද කොවිඩ් වැළඳීය හැකි ව්බවට ජාත්‍යන්තරය පවා පවසන පසුබිමක මෙන්ම, ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවට මෙරට සෞඛ්‍ය අංශ පවසන පසුබිමක ලේකම්වරයාගේ නියෝගය අමානුෂික මුහුණුවරක් පිළිඹිබු කටන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගර්භණී කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් කොරෝනා එන්නත ලබාගෙන නොමැති බැවින් ඔවුන් සේවයට කැඳවීම අවදානම් බවයි. ඒ පිළිබද අවදානය යොමු කරමින් රාජ්‍ය සේවයේ නිරත ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට සහනයක් ලබාදෙන ලෙස ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දෙනු ලැබුවා.

රාජ්‍ය සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පසුගිය 30 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළේ ඒ අනුවයි.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...