28 C
Colombo
Saturday, May 4, 2024

නෙලුම් කුළුණට තවත් ඩොලර් බිලියනයක් වැය කරයි

- Advertisement -

කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද කලාපයක් පිහිටුවීම සඳහා සිංගප්පුරුවේ ක්‍රියේට් ඩිසයින්ග් පෞද්ගලික සමාගම (Kreate Design Pte Limited) සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම අතර අද ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව මීළඟ මාස 06 ක කාලපරිච්ඡේදය තුළ ජල ක්‍රීඩා ද ඇතුළත් අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් නෙළුම් කුලුන පරිශ්‍රය තුල ස්ථාපිත කෙරෙනු ඇත.

එමෙන්ම, ඒ අනුව ඉදිරි වසර 3ක කාලය ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතයි.

මෙම මුලපිරීමත් සමඟම කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රය ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

“නෙළුම් කුලුනේ අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා. මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්“, යැයි මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...