28.9 C
Colombo
Saturday, April 27, 2024

තවත් ඇමතිවරයෙක්ගෙන් ආණ්ඩුවට එරෙහිව සැර ප්‍රකාශයක්

- Advertisement -

ජනාධිපතිවරයා විසින් නැවත සිතා බැලිය යුතු කාලය එළැඹ ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, අනුරාධපුරයේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය මැතිඇමතිවරුන් සුදානම් බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැන් ජනාධිපතිතුමාටත් නැවත හිතන්න වෙලා තියෙනවා පහුගිය අවුරුදු 2 අත්හැරුණු වැඩ, වැරදුණ තැන්, අතපසු වුණ තැන් පිළිබඳව සමාලෝචනයක් කරලා මේ අවුරුදු 3 හරියට සැලසුම් කරලා යන්න පුළුවන් නම් ඒක එතුමාටත් එතුමාගේ නමටත් හොඳයි. මේක අපි හදපු ආණ්ඩුව. එකෙදි වෙන අසාධාරණකම් තියෙනවා. ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛනයට අපිට උදව් කරන්නේ නෑ ඒ වගේ කියනවා. ස්වාධීන තීරණ ගන්න. මේ පක්ෂය ඒකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නෑ. අපේ කරමතින් ගිහින් ඒ අයට බඩපිණුම් ගහන්න දෙන්න බෑනේ.

ඊළඟට ගම්මට්ටමේ ශාඛා සමිති, ඔන්න ඔතන තමයි ඔබතුමන්ලාට කාර්යභාරය. ඒක හදලා තමයි අපිට කියන්න ඕනේ ඔන්න, දැන් අපි හරි වැඩේ හරි දැන් එළියට බහින්න කියලා. එළියට බහින එක ගැන හෙට තීන්දුවක් ගත්තත් අපි කියලා තියෙනවා, මධ්‍යම කාරක සභාවේ හොඳ තක්සේරුවක් කරලා තීන්දුවක් ගන්න. හෙට තීන්දුවක් ගත්තොත් අපි හෙටම මේ තනතුරු සියල්ල දාලා අයින් වෙන්න අපේ කිසිම බාධාවක් නෑ. අපි ඒකට කැමැත්ත දීලා තියෙනවා. දැනටමත් අපි කියලා තියෙන්නේ ඕන වෙලාවක. පක්ෂයක් විදියට ඒ තීන්දුව ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...