25 C
Colombo
Sunday, May 19, 2024

කැනඩාවේ ඝාතකයා ගැන තවත් අනාවරණයක්

- Advertisement -

කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි.

ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබෙන අයුරු එම දර්ශන්වල සටහන් වුණා.

ධනුෂ්කගේ පවුලේ හිතවතුන් මාධ්‍ය වෙත සඳහන් කළේ එම දිනයේදී ඔහුට චීස් කේක් කෑමට කැමැත්තක් තිබී ඇති බවත්, ඒ අනුව ධනුෂ්ක ඇතුළු පවුලේ සමාජිකයින් ඔහු වෙත චීස් කේක් ලබාදී ඇති බවයි.

මේ අතර, කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසනවා.

ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් බාර්හෙවන් ප්‍රදේශවාසින් ”සිහිපත් කිරීමේ වැඩසටහනක්”ද ඊයේ සංවිධාන කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...