25 C
Colombo
Friday, March 29, 2024

පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින්නේ යැයි නලින්ද ජයතිස්සගේ ප්‍රකාශය අනුර ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ ඉන්දියාව යැයි ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා BBC සිංහල සේවයට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබුණා.

මේ පිළිබදව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔවුන්ට හෝ දේශපාලකයෙකු ලෙස ඔහුට හෝ කවර රාජ්‍යයකට මෙන්ම සංවිධානයකට එක්වර ඇඟිලි දිගු කිරීමේ අයිතියක් නොමැති බවයි.

මන්ද මෙය සංකීර්ණ පරීක්ෂණයක් බවත් එය විමර්ශනය කර සොයා ගත යුතු කරුණක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.

පාස්කු කොමිසන් වාර්තාවේ අඩංගු කරුණු සහ සාක්ෂි විමසීමේ ආකාරය දෙස බලා සිටීමේදී ඉන්දියාවෙන් එවැනි මැදිහත්වීමක් තිබෙන බව වාර්තා වී නොමැති බවයි දිසානායක මහතා සදහන් කරන්නේ.

ඊට අදාල දර්ශන පහතින්,

පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින්නේ යැයි නලින්ද ජයතිස්ස ප්‍රකාශ කල ප්‍රවෘත්තිය පහතින්,

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...