31.7 C
Colombo
Friday, June 20, 2025

අනුර – සජිත් විවාදය මෙහෙයවන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්

- Advertisement -

මේ වන විට උණුසුම් මාතෘකාවක් වී තිබෙන අනුර – සජිත් විවාදය මෙහෙයවීම සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්ව දෙපාර්ශවයේම කැමැත්තෙන් යෝජනා වී තිබෙනවා.

දේශපාලන කරලිය තුළද විටෙන් විට වැඩි කතා බහකට ලක්වෙන මෙම මාධ්‍යවේදියා එම විවාදය සංවිධානය කිරීම මෙන්ම මෙහෙයවීමේ කටයුතුද සිදුකෙරෙනු ඇති.

ඒ අනුව එළැඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුව එම විවාදය පැවැත්වෙන ආකාරය පිළිබදව සාකච්ඡා ආරම්භ කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසට එය පැවැත්වෙන දිනයක්, වේලාවක් හා ස්ථානයක් ස්ථීර කිරීමට නියමතයි.

කෙසේවෙතත් මෙම විවාදය කිසිදු රූපවාහිනී නාලිකාවක් වෙත ගොස් පැවැත්වීමට දෙපාර්ශවයම අකමැත්ත පලකර තිබෙනවා.

මේ හේතුවෙන් යම් ස්ථානයක එම විවාදය සූදානම් කර එම ස්ථානය වෙත ඕනෑම මාධ්‍ය නාලිකාවන් හෝ සමාජ මාධ්‍ය නාලිකාවන් පැමිණ එය සජීවීව විකාශය කිරීමේ පහසුකම් සැලසෙනු අති.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ එක් විවාදයක් හා ජනාධිපතිවරණය පිළිබදව එක් විවාදයක් ලෙසට විවාද දෙකක් පැවැත්වීමට යෝජනා වී තිබුණත් විවාද දෙකක් ලෙසට නොව එක් විවාදයක් ලෙසටද මෙය පැවැත්වීමේ හැකියාව පිළිබදවද මේ වන විට සාකච්ඡා කෙරෙන බවද News19 ප්‍රවෘත්ති අංශය වෙත තොරතුරු වාර්තා වනවා.

මෙහි සංවිධාන කටයුතු සදහා සමගි ජනබලවේගය පක්ෂය පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාත් ජාතික ජනබලවේගය පක්ෂය පාර්ශවයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත් මේ වන විට පත්කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේ සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාද නොකර පලායාමට ජාතික ජන බලවේගය උත්සහ කරන බවයි.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...