26 C
Colombo
Tuesday, May 7, 2024

ඇක්වා මෑන්ගෙන් ලංකාවට ප්‍රශංසාවක්

- Advertisement -

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මැමෝවා ප්‍රශංසනාත්මක අදහස් පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ World Restoration Flagship වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරනවා

එහිදී කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ඇගයීමට ලක් වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වීඩියෝ පණිවිඩයක පෙනී සිටින ජේසන් මැමෝවා ශ්‍රී ලංකාව පැසැසුමට ලක් කළේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බව පවසමින්.

 ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවන 45 හැවිරිදි මැමෝවා ලොව පුරා ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මැමෝවා කටයුතු කරනවා.

ඒ, සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමින්.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....