28.9 C
Colombo
Saturday, April 27, 2024

‘අරුණ පුවත්පත’ බොරු කියලා. වහාම පරීක්ෂණයක් කරන්න – ජනාධිපති ලේකම්

- Advertisement -

“ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” මැයෙන් ‘සතිඅග අරුණ’ පුවත්පත පලකර ඇති ලිපිය සම්පූර්ණ සාවාද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිවේදනය කරනවා.

අදාළ නිවේදනය මගින් පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ එම පුවත්පත් වාර්තාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවද නිවේදනයේ සඳහන්.

2021 ඔක්තෝම්බර් 24 වන ඉරිදා පලකළ සතිඅග අරුණ පුවත්පත් වාර්තාවෙහි දැක්වුණේ ඉන්දියාවෙන් මෙරටට නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින ‘United Farmers Trust Ltd’ සමාගමට බැංගු ගිණුමක් වීවෘත කර මහජන බැංකු මූලස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම දෙකක් හෙවත් රුපියල් කෝටි 29 ක මුදලක් බැරකර ඇති බවයි.

මෙම ගිණුම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහජන බැංකුවේ නගර ශාඛාවට දිගින් දිගටම බලපෑම් කර ඇති බව වාර්තා වන බවද එහි සදහන්.

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...