29 C
Colombo
Sunday, October 1, 2023

ASP එරික්ට එරෙහිව පැමිණිලි රැසක් තිබුණා නිසයි මාරු කරලා තියෙන්නේ

- Advertisement -

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාව ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ අනාවරණය වූ ලිපියක් සහ හඬපටයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (01) මාධ්‍ය හමුවක් පවත්වමින් පිළිතුරු ලබා දෙන ලදි.

“අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සෙ තිබිච්ච පළවෙනි සංවර්ධන කමිටුව මගෙ ආසනේ. මේකෙදි මම කරපු කතාව, ඒ අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙ කියන එක තමා මම කිව්වෙ.

මට එතුමා සම්බන්ධයෙන් පෞද්ගලිකව ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ එන්නෙ මේ ජනතාව දිගටම කියනවා සමහර වෙලාවට බයිසිකලේ ඇල්ලුවාම ඒකෙන් සල්ලි ගන්නවා, එක පැමිණිල්ලක් තියෙනවා වන්දි ඉල්ලපු නඩුවක් පොලිසියට විරුද්ධව, ඒකට තුවක්කුවක් අතින් දාලාය කියලා, ඊළඟට මේ දහ පාළොස් දෙනෙක්ම ඇවිල්ලා කියනවා කුඩු අතින් දැම්මා කියලා.

මගෙ ලිපියෙ කියන්නෙ මේ නිලධාරීන් ගැන පරීක්ෂණයක් සිදුකර වැරැද්දක් තියෙනවා නම් ඒ නිලධාරියාව මගෙ ස්ථානයෙන් මාරු කරන්නයි කියලායි. මේ නිලධාරීන් එකක්වත් මම මාරු කළේ නෑ”

කෙසේවෙතත් මේ වනවිට එරික් පෙරේරා මහතා ස්ථාන මාරුව පිළිගනිමින් මීගමුව සහකාර පොලිස් අධිකාරී තනතුරෙහි වැඩ බාරගෙන ඇති බවත් ආරංචිමාර්ග කළේය.

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...