30.1 C
Colombo
Friday, April 26, 2024

ඇෆ්ගනිස්තානයට එරෙහි සම්බාධක ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරන්නැයි චීනය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම ඉල්ලීම සිදුකළේ වීඩියෝ තාක්ෂණය මගින් G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුව අමතමිනි.

ඇෆ්ගනිස්තානය සතු විදේශ සංචිත හා වත්කම් එරට සම්පතක් බවත් එහි ජනතාවගේ යහපත වෙනුවෙන් එම සම්පත් මුදාහැරිය යුතු බවත් ඔහු මෙහිදී ලෝක ප්‍රජාවට අවධාරණය කර සිටියේය.

දේශපාලන සහ වෙනස් හේතු මත තලේබාන් ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙහිදී සදහන් කළේය.

ඇෆ්ගනිස්තානය සතුව පැවති විදේශ සංචිත සහ වත්කම් මුදාහැරීම ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට එරට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් මතුව තිබේ.

RECENT ARTICLES - SINHALA

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...