32 C
Colombo
Friday, May 10, 2024

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

- Advertisement -

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා.

විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇති බවත් සදහන් වනවා.

නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පැවසුවේ, විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවත්, විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් 600ක් පමණ ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවේ සංචාරයක

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මැයි 10 සිට 15...

දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය...

සාපෙළ සිසුවෙකුට පහරදුන් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

රත්ගම ප්‍රදේශයේ පාසලක විභාග මධ්‍යස්ථානයකට ඇතුළු වී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙකු...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...