ප්‍රදේශය පුරා වේගයෙන් පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (17) සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පවසන්නේ ඒ් අනුව අද (17) දින සිට දින 06ක කාලයක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා තබන බවයි.
කෙසේවෙතත් පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන එළඹෙන 23 වනදා යළි වෙළෙඳසැල් විවෘත කිරීමට පියවර ගන්නා බවද එම සංගමය සඳහන් කරනවා.
එමෙන්ම බදුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල සියලු වෙළෙඳසැල් ද හෙට (18) සිට සතියක කාලයක් වසා තැබීමට එම ප්‍රදේශවල වෙළෙඳ ව්‍යාපාරිකයන් හා සෞඛ්‍ය අංශ එක්ව තීරණය කර තිබෙනවා.