26 C
Colombo
Wednesday, May 8, 2024

බංග්ලාදේශයට ජය

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ජය ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49, පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 279 පමණයි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105ක් තුළ ලකුණු 108 වාර්තා කළා.

ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙස මෙය වාර්තා පොතට එක් වු අතර එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41 පන්දු 1 කදී කඩුලු 07 පමණක් දැවී තරගය ජය ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto පන්දු 101 කදී ලකුණු 90ක් ලබා ගත් අතර Shakib Al Hasan පන්දු 65 කදී ලකුණු 85 ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක කඩුලු 3 දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් හා මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගය අතරතුර උණුසම් තත්වයන් දිගින් දිගටම සිදුවූ අතර තරගය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් බංග්ලාදේශ කණ්ඩායමට සුබ පැතීමට එක් වුයේ නෑ.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...