26 C
Colombo
Tuesday, May 7, 2024

ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට සූදානම් රාජපක්ෂ කෙනෙක් ගැන විජේදාසගෙන් හෙළිදරව්වක්

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නැතැයි සඳහන් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ලසිල් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සම ලබන මස 7 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම්දෙමින් බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි භාර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ට අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් නම් කරන ලදී.

මෙම පෙත්සම කැඳවූ ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥ නීතිඥවරු පෙනී නොසිටීම නිසා එලෙස නියම කළ විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.

පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වමින් ඇමරිකාවේ හා ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි පැවසීය.

එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහු බැදී සිටින බව ද එවැනි පුද්ගලයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව ද පැවසූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවත් ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම අමාත්‍ය වරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට නොහැකි බවට බාධා පමුණුවා තිබුණේ 19 වන සංශෝධනය මගින් බවත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එලෙස පනවා තිබූ බාධාව ඉවත් කර ඇතැයිද පැවසීය .

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා චන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයිද මේ වන විට ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා වශයෙන් පත් කර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම තුළ ප්‍රමානවත් නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක් ද කළේය .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන මස 7 වැනිදා යළි කැඳවීමට නියම කළේය.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...