29 C
Colombo
Sunday, June 4, 2023

2015 මහින්දගේ පරාජයේ වගකීම බැසිල් භාරගත්තා – ප්‍රසන්න

- Advertisement -

තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට නොහැකි බවත් අතර ඒ සඳහා වෙනම ඇමතිවරු මෙන්ම ‍රජයක්ද සිටින අතර යම් කිසි අයෙක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙසක් පැතුවොත් ඒ සඳහා ඔහු සහය වනු ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) ගම්පහදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ හොඳ සංවිධායකයෙක්. 2005 අපි ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳන් සියලු මැතිවරණ ජයග්‍රහණ වලට එතුමා නායකත්වය දුන්න. 2015 මහින්ද මහත්තය පැරදුන වෙලාවෙත් වගකීම භාර ගත්තේ එතුමා. හැබැයි එතුමා නැවත ලංකාවට ඇවිල්ල ආණ්ඩුවක් පිහිටුවන්න සංවිධාන ශක්තිය දුන්න. පසුගිය දිනවල එතුමා පෞද්ගලික කාරණාවලට රටින් බැහැරව හිටියා.

එතුමා නැවත ලංකාවට ඇවිල්ල තියෙනවා. එතුමා ආපු එක ගැන සතුටු වෙනවා. මොකද මේ වෙන සමහර දේවල් වලදී එතුමාගේ සංවිධාන ශක්තිය අවශ්‍ය වෙනවා. තෙල් මිලට වෙනම ඇමැතිවරු ඉන්නවා ආණ්ඩුවක් තියෙනවා. එතුමා ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්වත් ඇමතිකෙනෙක්වත් නෙවෙයි. නමුත් එතුමාගෙන් උපදෙසක් ඉල්ලුවොත් ඒ සඳහා එතුමා ඉදිරිපත් වෙයි.”

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...