32 C
Colombo
Saturday, March 25, 2023

කොවිඩ් ආසාදිතයෙකු මියයෑම නිසා.. වවුනියාවේ පෙපරියඋළුක්කුලම් ගම්මානය වසා දමයි

- Advertisement -

වව්නියාව පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයේ කාන්තාවක් හදීසියේම ඊයේ (26) රාත්‍රියේ මිය ගොස් ඇති අතර එම කාන්තාවට කොවීඩ් 19 වෛරසිය ආසාදනය වී ඇති බවට අනාවරනය වී ඇතයි වව්නියාව මහජන සෞඛය පරික්ෂක කාර්යාලය පවසයි.

අදාල කාන්තාවට කොවීඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් පසුව ජනඋදා ගම්මානයට සංචරණ සීමා පනවා අද (27) උදෑසන සිට ආශ්‍රිතයින් හඳුනාගමනිමින් පී.සී.ආර් පරික්ෂණයන් සිදු කිරීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.

පෙරියඋළුක්කුලම ජනඋදා ගම්මානයේ පදිංචි අදාල කාන්තාවට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකල පී.සී.ආර් පරික්ෂණයකින් කොවීඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මිය ගිය කාන්තාවට තවත් රෝගී තත්වයන් තිබී ඇති අතර කොවීඩ් වෛරසය හේතුවෙන්ම මිය ගියේද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කෙරේ.

මෙලෙස මිය ගොස් ඇති කාන්තාව ජනඋදා ගම්මානයේ පදිංචි 52 හැවිරිදි එම්.කුසුමලතා වන අතර ඇයගේ අවසන් කටයුතු අද (27) අනුරාධපුර පොදු සුසාණබූමියේදී නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.

-Lankadeepa

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...