30 C
Colombo
Monday, March 20, 2023

අපිට රාමා, රාවණා දෙන්නාම වීරයෝ..! – රනිල් ඉන්දියාවට කියයි

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම කාසියක දෙපැත්ත බවත් දෙරටටම වෙන්ව ගමනක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඩෝනියර් 228 වර්ගයේ ගුවන් යානය භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවයි. ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත් ඉන්දියාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කර ගත යුතු බවත් ඉන්දු ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට හා ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන ඇති බවත්, ඒවා විසඳා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේම රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්ත අතර ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් පවතින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවණා යන දෙදෙනාම වීරයින් ලෙස සලකන බවයි.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.